නෝටර්න්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.
ඒ, කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නවීමත් සමගයි.
ඒ අනුව විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය උපරිම ධාරිතාවකින් යුතුව සිදුකරන බවයි විදුලිබල මණ්ඩලය සදහන් කළේ.
කාසල්රී සහ මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටමද ඉහළ ගොස් තිඛෙනවා. ඒ හේතුවෙන් විමලසුරේන්ද්‍ර, ලකෂපාන, නව ලකෂපාන, පොල්පිටිය, කැනියොන් යන ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනයද උපරිම ධාරිතාවකින් යුතුව සිදුකරන බව විදුලිබල මණ්ඩලය පැවසුවා.
රංජිත් රාජපක්ෂ