අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නිවාස හා දේපළවලට හානි සිදුව ඇති දිස්ත්‍රික්කවල සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෙට (02) සහ අනිද්දා (03) දිනවල විවෘතව තබන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
පීඩාවට පත්වූ ජනතාවට වන්දි මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඒ අනුව නිවාඩු දිනවලදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විවෘතව තබන ලෙසට අමාත්‍යංශ ලේකම්වරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මෙතෙක් වාර්තාවී ඇති නිවාස හානි සඳහා වන්දි මුදල්වලින් අත්තිකාරම් මුදලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියේ.