Sunday, January 19, 2025

General line - 0115112241

ආපදා මරණ 8ක් ! 52කට තුවාල ! 61000 කට බලපෑම්

හේමන්ත කහවලගේ




පවතින වැසි සහ සුළං සහිත කාලගුණයත් සමග බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 61,125 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

, දිස්ත්‍රික්ක 15 කයි.

එම පවුල් 18,752 කට අයත් පුද්ගලයන්ටයි මෙලෙස බලපෑම් එල්ල වි ඇත්තේ.

වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයටයි.

එහි පුද්ගලයින් 33,977 කට බලපෑම් එල්ල වි තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේද පුද්ගලයින් 11,320 කට බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමණාකරණ  අමාත්‍යාංශය පැවසුවේ.

වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 8 ක්. තවත් අට දෙනෙකු අතුරුදන්ව සිටිනවා. අතුරුදන්ව සිටි දොඩන්ගොඩ ප්‍රදේශයේ ධීවරයින් තිදෙනෙකුගේ මෘත ශරීර මුහුදේ පාවෙමින් තිබියදි අද (01) සොයා ගැණුනා.

තවදුරටත් අතුරුදන්ව සිටින ධීවරයින් සෙවීමේ මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදොරු දිනේෂ් බණ්ඩාර කියා සිටියේ.

පවතින වැසි සහ සුළං සහිත කාලගුණයත් සමග බලපෑමට ලක්ව තුවාල ලබා ඇති සංඛ්‍යාව 52 ක්.

නිවාස 15,780 කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස 481 කට පූර්ණ හානි සිදුව තිඛෙනවා. ආරක‍ෂිත ස්ථාන 30 ක පුද්ගලයින් 153 දෙනෙකු රදවා සිටින බවයි ආපදා කළමණාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර ප්‍රදේශ රැසකින් තවදුරටත් විවිධ ආපදා වාර්තා වන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.

ගස් කඩා වැටීම්, කණ්ඩි කඩා වැටීම්, මාර්ග අවහිරවීම් හා ජල ගැලීම් ඒ අතරට අයත්.

කඹුරුපිටිය ඛෙන්ට්ස්හේන, පලොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු ජීවිතක‍ෂයට පත් වුණා. 72 හැවිරිදි ඔහුගේ බිරිදද තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර ජල ගැලීම් හේතුවෙන් දක‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුවෙන් පිටවන වාහන මතුගම දෙසට ධාවනය කරවිමට බාධා එල්ල වුණා.

දක‍්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් සහ නඩත්තු අංශයේ අධ්‍යක‍ෂ එස් ඕපනායක පැවසුවේ කොක්මාදුව හුවමාරුවෙන් පිටවන වාහන කනංකේ දෙසට ධාවනය කරවීමට ද බාධා එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත් දක‍්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනයට කිසිඳු බාධාවක් එල්ලවී නැහැ.

මේ අතර අකුරැස්ස නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති අතර අකුරැස්ස සිට බංගම, කඹුරුපිටිය, හක්මණ, කද්දූව හා සියඹලාගොඩ දක්වා දිවෙන මාර්ගද මේ වනවිට ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් අවට ප්‍රදේශ රැසක්ද ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.