දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණයත් සමග ගංගා 4 ක ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
පානදුගම ජල මිනුම් ස්ථානයෙන් ලබාගත් දත්තවලට අනුව නිල්වලා ගඟ මේ වනවිට ඇත්තේ අධික ගංවතුර මට්ටමකයි.
සපුගොඩ ජල මිනුම් ස්ථානයේ දත්තවලට අනුව කිරමආර ගංඟාව සුළු ගංවතුර මට්ටමක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ගිංගඟද පවතින්නේ සුළු ගංවතුර මට්ටමකයි.
ඒ, බද්දේගම ප්‍රදේශයෙන්. කළුගඟද මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක පවතිනවා.
ඉහත ගංගාවල මෙම තත්ත්වය ඉදිරි පැය 12 ක කාලය තුළද අපේකෂා කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ.
කෙසේවෙතත් නිල්වලා, කිරමආර, ගිං සහ කළු යන ගංගාවල ඉහළ ප්‍රදේශවල ගංවතුර අවදානම මේ වනවිට පහව ගොස් තිබෙනවා.
එහෙත් පහල නිම්නයේ තවමත් ගංවතුර තත්ත්වයක් පවතින බවයි තහවුරු වී ඇත්තේ.
ඒවායෙහි ජල මට්ටමද සුළු වශයෙන් ඉහළ යාමක් අපේකෂා කෙරෙනවා. එහෙත් ගිං සහ නිල්වලා යන ගංගා නිම්නයේ ගංවතුර ආරකෂණ බැමිවලින් ආරකෂිත ප්‍රදේශවලට බලපෑමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ අධ්‍යකෂ ප්‍රේමා හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර නායයාමේ අවදානමක් හේතුවෙන් හල්දුම්මුල්ල ඉදල්ගස්හින්න උඩවේරිය කන්ද අවට පවුල් 45ක ජනතාවට වහාම ඉවත්වන්නැයි අද (01) උපදෙස් ලබාදුන්නා.
ඔවුන් ඉවත් කිරීම සඳහා යුද හමුදාවේද සහාය ලබාගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.