ආපදාවට ලක් වූ ජනතාව සදහා රජය අවශ්‍ය සියළු කැපකීරීම් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ, කොළඹ අද (01) පැවති උත්සවයකට එක්වෙමින්.
කම්කරු නිලධාරීන් 191 දෙනෙකුට පත්වීම් ලබාදීම සඳහා මෙම උත්සවය සංවිධාන කර තිබුණා.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ නව නිලධාරින් බඳවා ගැනීමේදී කිසියම් අයෙකුට අසාධාරණයක් සිදුව ඇත්නම් පරීකෂණයක් පවත්වා කඩිනමින් සාධාරණයක් ඉටුකරන බවයි.