Sunday, January 19, 2025

General line - 0115112241

ඉන්දියාවේ කඩුලු හතරක් දැවී 371 (UPDATE)




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට ඉන්දිය කණඩායම පළමු ඉණිම සඳහා කඩුලූ 4ක් දැවී ලකුණු 371ක් ලබා ගැනීමට සමත් වුණා.

විශිෂ්ට පිති හරඹයක නිරත වෙමින් නායක විරාත් කෝලි ලකුණු 156ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

මුරලි විජේ ලකුණු 155යි. පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් ලකුණු 110කට කඩුලූ 2ක් දවා ගැනීමට සමත් වුණා.

-------------------

කාසියේ වාසිය දිනා තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුළු 2 ක්  දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 116 ක්.

මුරලි විජේ නොදැවී ලකුණු 51 යි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ වෙනස්කම් 3 ක් සමගින්.

ලහිරු තිරිමාන්න, දසුන් ශානක සහ රංගන හේරත් වෙනුවට ලක්‍ෂාන් සදකැන්, රොෂේන් සිල්වා සහ ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

රොෂේන් සිල්වාගේ මංගල ටෙස්ට් තරගය මෙයයි.

ඉන්දීය කණ්ඩායමටද උමේෂ් යාදෙව් සහ කේ එල් රාහුල් වෙනුවට මොහොමඩ් සාමි හා ශිකර් දවාන් කණ්ඩායමට කැඳවා තිබෙනවා.
 

----------------------

කාසියේ වාසිය ඉන්දියාවට (UPDATE)

(02-12-2017 09:17)

 

අද (02) පැවැත්වෙන සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර 3 වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ඉන්දීය නායකයා තීරණය කළේ ඔවුන් පළමුව පන්දුවට පහරදීමටයි.

තරගය පැවැත්වෙන්නේ දිල්ලි නුවර ෆෙරෝෂ් ෂා කොට්ලා කී‍්‍රඩාංගණයේදීයි.

------------------------------

ඉන්දු - ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරගය අද

(02-12-2017 06:34)

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර 3 වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (02) පැවැත්වෙනවා. ඒ, දිල්ලි නුවර ෆෙරෝෂ් ෂා කොට්ලා කී‍්‍රඩාංගණයේදීයි.

දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමත් සමග එකට බින්දුවක් ලෙස ඉන්දියාව මේ වනවිට තරගාවලියේ ඉදිරියෙන් සිටිනවා.

ජය පරාජයෙන් තොරව තරගාවලිය අවසන් කර ගැනීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම අද ආරම්භ වන ටෙස්ට් තරගය ජයගත යුතුයි.

එහෙත් වාර්තාවලට අනුව ඉන්දීය කණ්ඩායම වසර 30 කින් මෙම කී‍්‍රඩාංගණයේදී සහභාගි වූ කිසිඳු ටෙස්ට් තරගයක් පරාජය වී නැහැ. 

අද තරගයේදී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවටයි පැවසෙන්නේ.  ශිකර් දවාන්ට යළි ඉන්දීය කණ්ඩායමේ අවස්ථාවක් හිමිවනු ඇති බවටද පැවසෙනවා.

රංගන හේරත් වෙනුවට ලක්‍ෂාන් සඳකැන් හෝ ජෙෆ්රි වැන්ඩර්සේ ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවනු ඇති. මීට අමතරව ලහිරු තිරිමාන්න වෙනුවට ධනංජය ද සිල්වාත්, සදීර සමරවීක‍්‍රම වෙනුවට රොෂේන් සිල්වාත් කණ්ඩායමට එක්කර ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බවටයි වාර්තා වන්නේ. ශී‍්‍ර ලංකා වේග පන්දු බලඇණියද වෙනසක් සිදුවනු ඇති.