Monday, May 6, 2024

General line - 0115112241

මිය ගිය ධීවරයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක්




අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට ලක්වී මියගිය ධීවරයන් තිදෙනකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂය බැගින් ප්‍රධානය කිරීමට රජය කටයුතු කර තිබෙනවා. 

ඒ අනුව ඊයේ (01) දිනයේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් එම මුදල් ලබා දීම සිදු කළා.

මියගිය ධීවරයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. අවමංගල්‍ය කටයුතු සිදු කිරීම වෙනුවෙන් එම මුදලින් රුපියල් ලක්ෂයක් අත්තිකාරම් ලෙස මෙලෙස ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

අමාත්‍යවරයා මෙම මුදල් ලබා දුන්නේ රත්ගම, දොඩංදූව හා අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිව සිට මියගිය ධීවරයන් තිදෙනා වෙනුවෙන්. ඔවුන්ගේ නිවෙස්වලට ගොස් එම ඥානීත් වෙන මෙම මුදල් ලබා දී තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, ආපදාවට ලක්වූ සියලු දෙනාට කඩිනමින් වන්දි ලබා දෙන බවත් නිවාස හානි සිදුවූ අයට සෙනසුරාදා හා ඉරිදා දිනවල වන්දි ලබාදීමට ආපදා සහිත ප්‍රදේශයන් හි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල විවෘත කිරීමට පියවර ගත් බවයි.

එමෙන්ම මෙම ප්‍රදේශයන්හි රාජ්‍ය බැංකුවලට උපදෙස් දී ඇත්තේ ආපදාවට ලක්වූවන්ට ලබාදෙන චෙක්පත් මුදල් බවට පත්කර ගැනීම සඳහා බැංකු ශාඛා විවෘතව තබන ලෙසයි.