Sunday, January 19, 2025

General line - 0115112241

වරාය ගොඩනැගිල්ලේ සිටි සියලු සේවකයන් පිටව යයි

සනත් ගමගේ




හම්බන්තොට මාගම්පුර වරායේ පරිපාලන ගොඩනැගිල්ල තුළ රැඳී සිටි සියලු සේවකයින් අද (02) වරාය පරිශ‍්‍රයෙන් පිටව ගියා.

ඒ, දින 03 කට පසුවයි.

ඔවුන් අද පෙරවරුවේ වරායේ ලිපිලේඛන හා යතුරු ඉහළ කළමණාකාරිත්වයට භාරදීමෙන් පසුව මෙලෙස පිටව ගොස් තිබුණා.

මෙම සේවකයින් මුහුණපා ඇති තත්ත්වය සම්බන්ධයෙන් හිටපු වරාය අමාත්‍යවරයා වූ වර්තමාන ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ "අපි එදා චීන සමාගමත් එක්ක සාකච්ඡා කළ වෙලාවේ මම කිව්වා එක දරුවෙක්වත් අයින් කරන්න බෑ කියලා.. ඒකට එකඟ වුණා. හැබැයි දැන් අයින් කිරීමක් කරනවා නම් මම ආණ්ඩුවේ හිටියත් ඒකට විරුද්ධ වෙනවා." යනුවෙනි.

මේ අතර  හම්බන්තොට වරායේ සේවකයින්ගේ දෙමව්පියන් 12 වන දිනටත් අද දිනයේ අඛණ්ඩ උපවාසයක නිරතවෙමින් සිටිනවා.