Sunday, January 19, 2025

General line - 0115112241

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹීමට රිය පෙරහැර පිටත් වෙයි - මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් (PHOTOS)




ශ්‍රී පාද වන්දනා සමය හෙටින් (03) ආරම්භ වෙනවා.

පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහ විහාරස්ථානයේ සමන් දේවාලයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද උඩ මළුව වෙත පෙරහැරින් වැඩම කරවීමෙන් පසු ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙනවා.

එම පෙරහැර අද (02) අලුයම සමන් දේවාල පරිශ්‍රයෙන් පිටත් වුණා. මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී පාදස්ථානය වෙත මෙම පෙරහැර ළඟා වෙනු ඇති.

එක් පෙරහැරක් බලංගොඩ, බගවන්තලාව මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා පැමිණෙනවා.

තවත් පෙරහැරක් අවිස්සාවේල්ල, රත්නපුර, හැටන් හරහා නල්ලතන්නිය වෙත ළඟා වෙනවා.

අනෙක් පෙරහැර රත්නපුර, පළාබද්දල හරහා පැමිණෙනු ඇති.

අද (02) රාත්‍රියේ මෙම පෙරහැර පැමිණීමෙන් පසු හෙට අලුයම (03) ශ්‍රී පාද උඩ මළුව වෙත වැඩම කර වතාවත් ඉටුකරමින් ශ්‍රී පාද වන්දනා  සමය ආරම්භ කෙරෙනවා.

මේ හේතුවෙන් මේ වන විට අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ පෙරහැර ගමන් කරන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබෙනවා.