චීන අවන්හල් සඳහා මස් පිණිස ඉබ්බන් සැපයූ පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම මානතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදීයි.
ත්‍රිරෝද රථයකින් ඉබ්බන් ප්‍රවාහනය කරමින් සිටියදියි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.