Sunday, January 19, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත්කෙරුණු නව සංවිධායකවරු 20 දෙනෙක් ජනපති අතින් පත්වීම් ලබයි




එක්සත් ජාතික පක්ෂය නියොජනය කරමින්, ගම්පොල නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වුණා.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත්කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය ද මෙහිදී පිළිගැන්වුණා.

සරත් ගාමිණි හෙට්ටිආරච්චි පසුගිය වසර කිහිපය තුළ ඒකාබද්ධ විපක්ෂය සමග ද එක්ව කටයුතු කළ ක්‍රියාකාරී සාමාජිකයෙක්.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහා පත් කෙරුණු නව සංවිධායකවරු 19 දෙනෙකු ද අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්විම් ලිපි ලබා ගත්තා.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

 

නුවරඑළිය ආසන සම සංවිධායක -        රොෂාන් ගුණවර්ධන මහතා

මහනුවර දිස්ත්‍රික්කය                             -        සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා

ගම්පහ දිස්ත්‍රික්ය                         -        ප්‍රදීප් චන්දන පෙරේරා මහතා/නලින් සේනක

                                                          දිසානායක මහතා

කොළඹ දිස්ත්‍රික්කය                    -        චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය

ගාල්ල දිස්ත්‍රික්කය                       -        අසාම් හමාඩ් මහතා

අනුරාධපුර දිස්ත්‍රික්කය                 -        එම්.ආර්.බී. ඥානතිලක මහතා

පුත්තලම දිස්ත්‍රික්කය                   -        මල්පිනී විතාරණ මහත්මිය

ගාල්ල දිස්ත්‍රික්කය                       -        පී.එච්.චම්පිකා නිරංජලී මිය/ඩබ්.ඒ.නිලානි මිය

 

නින්දවූර් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය     -        වයි.එල්.සුලෙයිමා ලෙබ්බේ මහතා

 

රත්නපුර දිස්ත්‍රික්කය                             -        සමන් ඉන්දික මානවගේමහතා/කේ.එම්.එස්.එස්.

                                                          රත්නායක මහතා

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය                -        එම්.එච්.එම් සහීල් මහතා

 

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කාර්තිව්

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ

මුස්ලිම් ජන ප්‍රදේශය                             -        අබ්දුල් මජීඩ් ජාහීර් මහතා

 

 

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

තිරුක්කෝවිල් ප්‍රාදේශිය සභා

බල ප්‍රදේශය                              -        එස්.විග්නේෂ්වරන් මහතා

මඩකලපුව දිස්ත්‍රික්කය                 -        එස්.සුජාන් මහතා /ගුණරත්නම් හරිතරන් මහතා

මහනුවර දිස්ත්‍රික්කය                             -        අලගර් සෙල්වකුමාරන් මහතා

රත්නපුර දිස්ත්‍රික්කය                             -        නිමල් ගාමිණී වීරසිංහ මහතා       

 

ජනාධිපති මාධ්‍ය අංශය

2017-12-02