Sunday, January 19, 2025

General line - 0115112241

මාර්ගයක් අසලසිටි හැල කිඹුලෙකු  බුන්දලට (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




පවතින අයපත් කාලගුණය මිනිසුන්ට මෙන්ම සතුන්ටද බලපා තිබෙනවා.

මේ හේතුවෙන් තම වාස භුමි තුල සිදුවන වෙනස්කම් හේතුවෙන් සතුන්ද ඉන් බැහැරට පැමිණෙන අවස්ථා ද පවතිනවා.

 

ඒ අයුරින් හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රධාන මාර්ගයේ  වියලිකාලාපීය උද්දිත උද්‍යානය අසලට පැමිණ සිටි අඩි නවයක්(09) පමණ දිගින් යුත් හැල කිඹුලෙකු  හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් අද (02) අල්ලාගත්තා.

 

උද්දිත උද්‍යානය ආසන්නයේ ඇති කටුවැව ප්‍රදේශයේ මෙම හැල කිඹුලා  මාර්ගය ආසන්නයට පැමිණෙන්නට ඇති බවට  වනජීවී නිලධාරින් පැවසුවා.

 

පැයක පමණ මෙහෙයුමකින් පසු අල්ලාගත්  මෙම හැල කිඹුලා පසුව බූන්දල වනෝද්‍යානයට මුදා හරින බව  හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ ,ඒ .පි .විජය කුමාර පවසා සිටියා.