මඩකලපුව වාලච්චේනයි පොලිස් හන්දිය නම් ස්ථානයේ දී බස් නැවතුම් පොලක් අද (02) විවෘත කරන ලැබුවා.
ඒ පාර්ලිමෙන්තු මන්ත්‍රී සී.යෝගේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන්.
මන්ත්‍රීවරයාගේ විමධ්‍යගත අරමුදලින් රුපියල් ලක්ෂ 2ක් වැය කර මෙම බස් නැවතුම් පොළ ඉදිකර ඇති අතර එය නම් කර තිබෙන්නේ "එළාර බස් නැවතුම" යන්නයි.
මෙම බස් නැවතුම් පොළ ඉදිකිරිම සඳහා මුල්ගල් තබනු ලැබුවේ පසුගිය ඔක්තොම්බර් මස 26 වෙනිදායි.
නමුත් 27 වන දින මෙම බස් නැවතුම් පොළ ඉදිකිරිම වහාම නතර කරන ලෙස ඉල්ලා ප්‍රදේශයේ සිංහල වැසියන් විරෝධතාවක නිරත වුණා.
එහිදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.
තත්ත්වය උත්සන්න වීමත් සමග කැරළි මර්දන ඒකක එම ස්ථානයට ගෙන්වා එය පාලනය කිරිමට කටයතු කෙරුණා.
එය ජාතීවාදි අරගලයක් බවට පරිවර්තනය වීම වළක්වා ගැනීම සඳහා පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ගෙන අදාළ බස් නැවතුම ඉදිකිරිම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.