මිරියබද්ද කොසලන්ද වත්තේ නායයෑමට බියෙන් තම ජිවිත ආරක්ෂා කරගැනීම උදෙසා අවතැන් කදවුරක සිටි ජනතාව සම්බන්ධයෙන් තොරතුරු වාර්තාකිරීමට ගිය වැල්ලවාය මාධ්‍යවේදී යු.එස්.පි.බණ්ඩාරට කොස්ලන්ද වතු අධිකාරි ඇතුළු කීපදෙනෙකු විසින් ඉතා අමානුසික අන්දමින් පහර දීමේ සිද්ධිය තමන් තරහේ හෙළා දකින බව දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මාධ්‍යවේදීන්ගේ නිදහස් වාර්තාකරණයට හා ඒ සඳහා ඇති අයිතීන් හට එල්ලවූ තර්ජනයක් ලෙස මෙම සිද්ධිය තමන් දකින බවයි.
නිසියාකාරව පහසුකම් නොමැතිව තම ජිවිත ආරක්ෂා කරගැනීම උදෙසා මෙසේ අවතැන් ජනතාව සම්බන්ධයෙන් හුදු වතු අධිකාරී වරුන්ගේ මැදිහත් වීමෙන් ප්‍රමාණවත් පහසු කම් සැපයීම සිදු කල යුතු වුවත් අදාල වත්තේ වතු අධිකාරි වරුන් නිලධාරීන් විසින් එය පැහැර හැර තිබියදී ජනතාවගේ හඬ රටට ලෝකයට ගෙනයමින් ඔවුන්හට යම් පිහිටක් වීමට බලධාරීන්ගේ අවධානය යොමු කිරිමේ පිණිස අදාළ මාධ්‍යවේදියා කටයුතු කර ඇති අතර ඊට බාධා කරමින් ඔහුට වතු අධිකාරිවරයා ඇතුළු පිරිසක් පහරදී තිබෙනවා.