තද සුළං සහ වැසි හේතුවෙන් සිදුවූ ආපදාවලින් මේවනවිට පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පුද්ගලයින් පස් දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. තවත් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.
දිවයිනේ දිස්ත්‍රික්ක 16කට බලපෑම් කළ ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් එක් ලක්ෂ හය දහස් හැත්තෑ හය දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ඔවුන් පවුල් 31,165කට අයත්. පවුල් 1421ක පුද්ගලයින් 5435 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 66ක රඳවා සිටිනවා.
ආපදා හේතුවෙන් නිවාස 694කට පූර්ණ හානි සිදුව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ඒවායෙන් නිවාස 423ක් කළුතර දිස්ත්‍රික්කයේයි. තවත් නිවාස 25,117කට අර්ධ වශයෙන් හානි සිදුව තිඛෙනවා.
මේ අතර, දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නාය යෑම් අනතුරු ඇඟවීම තවදුරටත් බලපැවැත්වෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධයක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.