Sunday, January 19, 2025

General line - 0115112241

ඔකී දිවයිනෙන් ඈතට යයි




ඔකී සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ඇති බැවින් ශ්‍රී ලංකාව කෙරෙහි එහි බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් දිවයින ආශ්‍රිතව හෙට (03) දිනයේද වැසි හෝ ගිගිරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි ප්‍රකාශ කෙරුණේ.

මේ, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන ශමිල් ප්‍රේමතිලකකියා සිටියේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තවදුරටත් තද සුළං අපේකෂා කරන බවයි.

මේ අතර, ශ්‍රී ලංකාව හරහා ඉන්දියාව දෙසට ගමන් කළ ඔකී සුළි කුණාටවේ බලපෑම හේතුවෙන් තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවල පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දිය කාලගුණ අංශ ප්‍රකාශ කළේ සුළි කුණාටුව මේ වනවිට ලක්ෂද්විප් දූපත ද පසුකරමින් සිටින බවයි.

කේරළ ප්‍රාන්තයේ ධීවරයින් රැසක් තවමත් අතුරුදන්ව සිටින අතර 155 දෙනෙකු මුදා ගැනීමට හැකිව තිබෙනවා.