පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ දේශපාලන පලිගැනීමේ චේතනාවෙන් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලින් එය පැහැදිලි වන බවයි එහි වැඩබලන ප්‍රධාන ලේකම් කපිල ගමගේ කියා සිටියේ.
ආණ්ඩුවට එරෙහිව විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කරන කටයුතු අඩපණ කිරීමේ අරමුණින් මෙලෙස ඔහුට එරෙහිව හදිසියේ නඩු පවරා ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ජාතික නිදහස් පෙරමුණේ වැඩබලන ප්‍රධාන ලේකම්වරයා මෙම අදහස් පළ කළේ කොළඹදී අද (02) පැවති මාධ්‍ය හමුවකදීයි.