Sunday, January 19, 2025

General line - 0115112241

මොරගහකන්ද ජලාශය මගින් ජල විදුලි උත්පාදනයට සූදානම්




මොරගහකන්ද ජලාශයේ ජලය විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කිරීම අද (02) දහවල් සිදු කෙරුනා.

, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

පවතින වැසි තත්ත්වය සමග මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ජල විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය ඊයේ (01) වනවිට සම්පුර්ණ වී තිබුණා.

අද (02) දහවල් මොරගහකන්ද ජලාශය වෙත ගිය ජනාධිපතිවරයා එම කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි විදුලි උත්පාදනය සඳහා ජලය නිකුත් කළේ.

දින 4ක් සිදු කරන පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව මෙමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 25ක ධාරිතාවක් එක් කෙරෙනවා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ මෙය රජරට ජනතාව වෙනුවෙන් තමන් දීර්ඝ කාලයක සිට දුටු සිහිනයක් බවයි.