උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබෙනවා.
පස්යාල රදාවඩුන්න ඉඹුල්ගස් ඕවිට චිත්තවිවේකාශ්රාමාධිපති පූජ්‍ය ලේනව මංගල හිමියන් සඳහන් කළේ ශාසනිත ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහොය දිනයක් ලෙස උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකි බවයි.
උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවීම අදවන් දවසක සිදුවීම හේතුවෙනි. ඒ ඇතුළු තවත් වැදගත් සිදුවීම් රැසක් මෙම පොහොය දිනය මුල් කරගනිමින් සිදු වුණා.
වසරේ අවසන් පොහෝ දිනය වන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කර ගනිමින් ලොව පුරා බෞද්ධ සැදැහැවතුන් අද දිනයේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්වල නිරත වෙනවා.
මේ අතර මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ද අදින් ආරම්භ වනවා. ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සඳහා ශ්‍රි සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද මළුව කරා වැඩම කරවිමේ පෙරහැර ඊයේ (02) ආරම්භ කෙරුණා.
ඒ, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිටයි.