ගල්ගමුව දළ පූට්ටුවා නමැති හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ග්රාම නිලධාරීවරුන් දෙදෙනෙකු ඊයේ (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව කළ වැටලීමකදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මකුල්පත ග්රාම නිලධාරීවරයා සහ දොරවේරුව ග්රාම නිලධාරීවරයායි.
සැකකරුවන් සන්තකයේ තිබී රන් කොපු යොදා සකස් කළ ඇත් දළ පෙන්ඩන්ට් 03ක් ද සොයා ගැණුනා. සැකකරුවන් දෙදෙනා මහව මහේස්ත්රාත්වරයා වෙත අද (03) ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගල්ගමුව දළපූට්ටුවා නමැති හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
ඔවුන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලට අනුවයි මෙම ග්රාම නිලධාරීවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.