Sunday, January 19, 2025

General line - 0115112241

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසකුත් පොහොට්ටුවෙන් එනවලු




හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් කිහිපදෙනෙකු මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් තරග වැදීමට සූදානමින් සිටින බව පැවසෙනවා.  

උතුරුමැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් පොදුජන පෙරමුණ පැවැත්වූ ජන හමුවක් ගල්කිස්ස ප‍්‍රදේශයේ දී ඊයේ (02) පැවැත්වුණා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද එම ජන හමුව ඇමතුවා. 

එහිදී ඔහු සඳහන් කළේ බැඳුම්කර සිද්ධිය ගැන කලකිරී සිටින ජනතාවට ඡන්ද ලබා දීමට හැකි එකම පක්ෂය පොදුජන පෙරමුණ බවයි.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "බැඳුම්කර සොරකම හොඳයි කියන අයට.. ඡන්දේ කල් දාන එක හොඳයි කියන අයට..සංවර්ධනය ඇණ හිටීම හොඳනම්...ඔන්න ඡන්දෙ දෙන්න පුළුවන් අලියට.. නැත්නම් අනික් එක්කෙනාට දෙන්නත් පුුළුවන්.. එයාගේ ලකුණ මොකක්ද දන්නෙත් නෑ..තාම. වෙලාවකට අත කියනවා..තවත් වෙලාවකට බුලත් කොළේ කියනවා..පොහොට්ටුවටත් එයිද දන්නේ නෑ." යනුවෙනි.