Sunday, January 19, 2025

General line - 0115112241

අධි බලැති විදුලි රැහැන්වලටත් හානි වෙලා

සජිත් තිලකරත්න




දිවයිනේ දිස්ත‍්‍රික්ක 16කට බලපෑම් එල්ල කළ ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් එක් ලක්ෂ හය දහස් හැත්තෑ හය දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

තද සුළං සහ වැසි හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 15ක්.

මේ අතර ආපදා හේතුවෙන් පරිශ‍්‍ර එක් ලක්ෂ 40,000ක් සඳහා තවමත් විදුලිය ඇණහිට තිබෙනවා. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පැවසුවේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවල විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීම අසීරු වී ඇති බවයි. 

අධි බලැති විදුලි රැහැන් පද්ධති රැසකට පැවති දැඩි සුළං හේතුවෙන් විශාල හානියක් සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.