මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ පාතාල සාමාජිකයෙකු බව කියන සුරංග ප්රදීප් නොහොත් වැල්ලේ සුරංග නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙකු මත්කුඩු සහ ගංජා තොගයක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ඊයේ (02) සිදු කළ වැටලීමකදියි.
එලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු වන කල්ප තරංග නැමැත්තා සතුව තිබී ගංජා ග්රෑම් 11යි මිලි ග්රෑම් 400ක් සොයා ගැණුනා.
අනෙක් සැකකරු වන හෂාන් මධුෂංඛ නැමැත්තා සතුව තිබී සොයාගත් හෙරොයින් ප්රමාණය ග්රෑම් 4යි මිලි ග්රෑම් 440ක්.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් පෑලියගොඩ පොලිසියට භාර දී තිබෙනවා. ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සුරංග ප්රදීප් නොහොත් වැල්ලේ සුරංග නැමැත්තා පිළිබඳව මීට පෙර නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් ද අනාවරණ කෙරුණා.