Sunday, January 19, 2025

General line - 0115112241

ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවලු ප්‍රමාණ අඩු වෙයි

කසුන් කැලුම්




පැවති වර්ෂාවත් සමග එළවලූ තොග පැමිණීමේ අඩුවක් දක්නට තිබෙන බව පිටකොටුව මැනිං පොදු වෙළඳ සංගමය පවසනවා.

මේ හේතුවෙන් එළවලූ මිල ගණන් ද ඉහළ යනු ඇති බවයි එම සංගමයේ ලේකම් ගාමිණී හඳුන්ගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

පසුගිය සමයේ පැවැති නියං තත්ත්වයේ පටන් ගොවියන්ගේ අස්වැන්න විනාශ වූ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය වෙත රැගෙන එන එළවලූ තොගවල ද අඩුවක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස කියා සිටියේ.

ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන එළවලු බොහෝමයක් ගුණාත්මක භාවයෙන් අඩු ඒවා බවද ඔහු සඳහන් කළා. වගා විනාශයන් ඒ සඳහා හේතු වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.