Friday, September 20, 2024

General line - 0115112241

සංහිඳියාව රජයේ ප‍්‍රතිපත්තියයි




සියලූ ජන කොටස් අතර සංහිඳියාව ගොඩ නැගීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම සහ ආර්ථික සංවර්ධනය ඇති කිරීමට ද කටයුතු කරන බවයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ශ‍්‍රී ලංකාවට අලූතින් පත්ව ආ තානාපතිවරුන් සිවුදෙනෙකු සිය අක්තපත‍්‍ර භාරදුන් අවස්ථාවේදීයි. මෙක්සිකෝව , පෘතුගාලය, ගී‍්‍රසිය සහ අයර්ලන්තය සඳහා නව තානාපතිවරුන් පත් කෙරුණා.

එහිදී ඔවුන් කියා සිටියේ ශ‍්‍රී ලංකාව සහ තම රටවල් අතර පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවයි.