Saturday, November 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා තේ කර්මාන්තයට විශාල හානියක් වෙලා නෑ

හේමන්ත කහවලගේ /ඩිල්ෂාන් මඩවල




ශ්‍රී ලංකාවේ තේ සඳහා රුසියාව විසින් තහනමක් පැනවුව ද කොළඹ තේ වෙන්දේසියට එයින් කැපී පෙනෙන බලපෑමක් අද (18) සිදු නොවූ බව වෙළදපොළ වාර්තා පවසනවා.

පෙර දිනවලට සාපේක‍ෂව ඉල්ලූමෙහි සුළු අඩුවීමක් තිබුණත් ඊට හේතුව ශ්‍රී ලංකාවේ තේවලට රුසියාව විසින් පැනවූ තහනමම විය නොහැකි බවයි තැරැව්කරුවන් කියා සිටියේ.

එළඹෙන නිවාඩු සමය හේතුවෙන් මෙම වකවානුවේදී තේ සඳහා වන ඉල්ලූම සාමන්‍යයෙන් පෙර වසරවලදී ද මෙලෙස අඩුවුණු බව ඔවුන් පෙන්වා දුන්නා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකද කියා සිටියේ අපේක‍ෂා කළාට වඩා සාර්ථකව කොළඹ තේ වෙන්දේසිය අද (18) පැවැත්වුණු බවයි.

මේ අතර රුසියාව සමග ඇති ශක්තිමත් රාජතාන්ත්‍රික සබඳතා සහ පෞද්ගලික හිතවත්කම්ද යොදා ගනිමින් පනවා ඇති තහනම කඩිනමින් ඉවත් කර ගැනිමට හැකිවනු ඇතැයිද අමාත්‍ය නවීන් දිසානායක විශ්වාසය පළ කළා.

ඒ සඳහා වන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.