Friday, May 10, 2024

General line - 0115112241

ශලිලගේ ඉල්ලීම ඉවතට

අධිකරණ වාර්තාකරු




ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ විදේශ ගත වීම සඳහා අධිකරණයෙන් කළ ඉල්ලීම අද (22) කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරිය ප්‍රතික්ෂේප කරුණු ලැබුවා.

සති දෙකක කාලයක් කැනඩාවේ සංචාරය කිරීමට අවසර ලබා දෙන ලෙසයි ශලිල මුණසිංහ ඔහුගේ නීතිඥවරයා මාර්ගයෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත් අදාළ වරදේ බරපතළ කම සලකා ඉල්ලීමට අවසර ලබා දිය නොහැකි බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අවධාරණය කළා.

තායිවානයේ වාණිජ බැංකුවක මුදල් ඇමරිකානු ඩොලර් මිලියන එකකට ආසන්න මුදලක් සැකකරු ඇතුළු පුද්ගලයින් හතර දෙනෙකුගේ බැංකු ගිනුම්වලට ප්‍රේෂණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශලිල මුණසිංහ පසුගියදා කොළඔ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.