Sunday, September 8, 2024

General line - 0115112241

අද පායන 'සුපිරි සඳ' බලන්න හොඳම අවස්ථාව මෙන්න (UPDATE)




වෙනත් පොහෝ දිනකට දිස්වන ආකාරයට වඩා සියයට 14ක විශාලත්වයකින් හා සියයට 30ක වැඩි දීප්තියකින් අද (01) චන්ද්‍රයා දිස්වන බව තාරක විද්‍යාඥයින් පවසනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා එ්කකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ මෙය සුපිරි චන්ද්‍රයා ලෙස හැඳින්වෙන බවයි.

සුපිරි චන්ද්‍රයා වඩා හොඳින් නිරීක්ෂණය කිරීමට හොඳම අවස්ථාව චන්ද්‍රයා පායගෙන එන අවස්ථාව හෝ චන්ද්‍රයා බැසයන අවස්ථාව බවද මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියා.   
 

--------------------------------------

හෙට 'සඳ' පෘථිවියට ලං වෙයි - පෘථිවියේ ඇතිවන වෙනස්කම් මෙන්න

(31-12-2017 12:11)

 

වෙනත් පොහෝ දිනට දිස්වන ආකාරයට වඩා සියයට 14ක විශාලත්වයකින් චන්ද්‍රයා දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් හෙට (01) උදා වනවා.

දුරුතු පොහොය යෙදන හෙට දිනයේදී චන්ද්‍රයා සියයට 30ක දීප්තියකින් දිස්වන බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා එ්කකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න නෙත් නිවුස්  වෙත කියා සිටියේ.

එ් අනුව හෙට දිනයේදී කිලෝමීටර් පනස් දහසක් පෘථිවියට ආසන්න වන චන්ද්‍රයා පෘථිවියට කිලෝමීටර් 3,56,565ක දුරින් පිහිටනු ඇති. 

ශී‍්‍ර ලංකාවට සුපිරි සඳ පැහැදිලිව දිස්වන්නේ හෙට පස්වරුවේ හිරු බැස යාමත් සමග නැගෙනහිර ක්ෂිතිජයෙන් සඳ පායන අවස්ථාවේයි.

ජනවාරි දෙවැනිදා අලුයම චන්ද්‍රයා බටහිර ක්ෂිතිජයෙන් බැස යාමට මොහොතකට පෙරද සුපිරි චන්ද්‍රයා ශී‍්‍ර ලාංකිකයින්ට දැක ගත හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මෙවැනි දුර්ලභ අවස්ථාවක් ලබන ජනවාරි 31 වැනිදාට යෙදෙන නවම් පොහෝ දිනයේදී ද උදා වන බව මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියා.

චන්ද්‍රයා පෘථිවියට ලංවීම නිසා ඇති වන ගුරුත්වාකර්ෂණයේ වැඩිවීම හේතුවෙන් මුහුදේ වඩදිය මට්ටමේ වැඩි වීමක් ඇති වුවත් භූමිකම්පා, කුණාටු වැනි තත්වයක් ඇති නොවන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.