Sunday, September 8, 2024

General line - 0115112241

උදා වූ නව වසරේ මුල්ම පොහොය අදයි - නෙත් ශ්වේත පූජා පිංකමත් ඇරඹෙයි

ඩිල්ෂාන් මඩවල




දුරුතු පුර පසළොස්වක පොහොය අදට (01) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදුවූයේ අදවන් පොහෝ දිනයකයි.

ඇතිවීමට ගිය යුද්ධයක් සංසිඳවීම සඳහා බුදු රජාණන් වහන්සේගේ මෙම ලංකා ගමන සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.

එහිදී බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කළ බවත්, බුද්ධ දේශනය අසා සුමන සමන් දෙවියන් සෝවාන් ඵලයට පත්වූ බවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන්. 

නදී කාශ්‍යප, ගයා කාශ්‍යප සහ උරුවෙල කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් ප‍්‍රධාන ජටිලයන් දහසක් දෙනා බුදුරාජාණන් වහන්සේගෙන් ධර්මය අසා මාර්ග ඵලයන්ට පැමිණියේ ද අදවන් දුරුතු පොහෝ දිනයකයි. 

අදට යෙදී ඇති දුරුතු පොහොය වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා වැඩසටහන කඩවත ශ‍්‍රී බිම්බාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙනවා.

මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ අලුයම උවැසි උවැසියන් අෂ්ඨාංග සීලය සමාදන් කරවීමෙන්.

රටපුරා සෙසු විහාරස්ථාන බොහෝමයක ද දුරුතු පොහොය වෙනුවෙන් අද විවිධ පිංකම් සංවිධාන කර තිබෙනවා.