Sunday, October 20, 2024

General line - 0115112241

විදේශීය තැපැල් ගාස්තු අද සිට අඩු-වැඩි වෙයි

නිශාන් ද සිල්වා




විදේශීය තැපැල් ගාස්තු අද (01) සිට සංශෝධනය වනවා.

මේ යටතේ ඇතැම් සේවා සඳහා ගාස්තු අඩු කිරීමක් ද සිදුවන බවයි තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ.  

කෙසේ වෙතත් ඇතැම් විදේශීය තැපැල් ගාස්තු අද සිට වැඩිවනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

වසර 2011 න් පසුව විදේශීය තැපැල් ගාස්තු සංශෝධනයක් මෙලෙස සිදුවන්නේ පළමු වරටයි.  

මේ වන විට දේශීය මෙන්ම විදේශීය සමාගම්ද ගුවන් ප්‍රවාහන සමාගම්ද මෙවැනි සේවාවලට අදාළ මිළ ගණන් සංශෝධනය කර ඇති බවද තැපැල්පති රෝහණ අබේරත්න පෙන්වා දෙනවා. මේ සියල්ල සැළකිල්ලට ගනිමින් තරගකාරීත්වයට මුහුණ දීම සඳහාත් මෙම පියවර අනුගමනය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.