Sunday, October 20, 2024

General line - 0115112241

ටයිටේරියන් වර්ගයේ වාලම්පුරි බෙල්ලෙකු සමග කල්ලියක් අල්ලයි




ටයිටේරියන් වර්ගයේ වාලම්පුරි බෙල්ලෙකු රුපියල් කෝටි 04කට අලෙවි කිරීමට උත්සහ කළ කල්ලියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල මාබෝල ප‍්‍රදේශයේ දී ඊයේ (31) රාත‍්‍රියේ මෙම වැටලීම සිදු කෙරුණු බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් කල්ලියට පුද්ගලයින් 04 දෙනෙකු ඇතුළත් වනවා.

ඔවුන් මරදාන, ග‍්‍රෑන්ඞ්පාස් සහ වැල්ලම්පිටිය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්. අලෙවි කිරීමට සූදානම් කර තිබූ බෙල්ලා ද විමර්ශන සඳහා පොලිස් භාරයට ගැණුනා.