Sunday, October 20, 2024

General line - 0115112241

පොහොට්ටුවේ අපේක්ෂකයෙක් හදිසියේ මිය යයි

පාලිත ආරියවංශ




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඇල්ල ප‍්‍රාදේශීය සභාවට තරග කිරීමට ඉදිරිපත් වී සිටි අපේක්ෂකයෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුඹල්වෙල හෙට්ටිපොළ පදිංචිව සිටි එම්. එම්. සංජීව නමැත්තායි.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 36ක්. හෘදයාබාධයක් මරණයට හේතු වී ඇතැයි සැක කෙරෙනවා.