Sunday, October 20, 2024

General line - 0115112241

නිවසක් ගිනිගෙන විනාශ වෙයි (PHOTOS)




අවිස්සාවේල්ල පොලිස් වසමේ නාවාවල, වෑවිල ප්‍රදේශයේ නිවසක ඊයේ (31) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. 

අදාළ නිවස උත්සව අලංකරණ භාන්ඩ ගබඩා කර තිබූ ස්ථානයක් බවයි වාර්තා වෙන්නේ.

මේ පිළිබඳව අවිස්සාවේල්ල පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ පොලීසිය ප්‍රදේශවාසීන් සහ රත්නපුර නගරසභාවේ ගිනි නීවීමේ ඒකකයේ සහාය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා.