Sunday, October 20, 2024

General line - 0115112241

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ඝාතකයා පිහියක් සමග අත් අඩංගුවට

කුෂාන් ජයවර්ධන




ඉකුත් 29 වැනිදා කැකිරාවේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ඝාතකයා හා එම ඝාතනයට යොදා ගත් පිහියක් කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අත්අඩංගුවටපත් සැකකරු අද (01)  කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් ජේ එම් කොස්වත්ත හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි නියෝග කර ඇත්තේ.

ඝාතනයට ලක්වූයේ කැකිරාව ඔලොම්බෑව පාර ප්‍රදේශයේ පදිංචිව සිටි බුහාරිගේ මර්ලියා නමැති 57 හැවිරිදි කාන්තාව දෙදරු මවක්. ඇය ඝාතනය කර තිබුණේ ඉකුත් 29 වනදා උදෑසන ඇය පදිංචිව සිටි නිවසේදියි.
 
අත්අඩංගුවට ගත් සැකකරු ඔලොම්බෑව ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි අයෙක්. පෞද්ගලික ආරවුලක් මත සැකකරු එම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.