Sunday, October 20, 2024

General line - 0115112241

මුලතිව් වට්ටාපලෙයි සිට පුදුකුඩිඉරිප්පු දක්වා වන මාර්ගය  ජනතා අයිතියට

මාධව කුලසූරිය -වවුනියාව




මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හරහා වැටී තිබු මුලතිව් වට්ටාපලෙයි සිට පුදුකුඩිඉරිප්පු දක්වා වන මාර්ගය අද (01) ජනතා අයිතියට පත් කෙරුණා.
ඒ, ආරක්ෂක අමාත්‍යාංශ නියෝග යටතේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩි.බි.රාජගුරුගේ මෙහෙයවීම යටතෙයි. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හරහා වැටී තිබු මෙම මාර්ගය කිලෝමීටර 20 කින් පමණ වනවා.  

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය පැවසුවේ අදාළ ඉඩම් වෙත ගමන් කිරීමට හා මුලතිව් හා පුදුකුඩිඉරිප්පු දක්වා වන කෙටි මාර්ගයක් වන බැවින් අදාළ මාර්ගය විවෘත කළ බවයි.

මේ අතර, පසුගිය 28 වැනිදා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය සතුව තිබු සිවිල් වැසියන්ගේ ඉඩම් අක්කර 133 ක්ද මුලතිව් ආරක්ෂක සේනාව විසින් මුල් පදිංචිකරුවන් වෙත පැවරුණා.

මුලතිව් ආරක්ෂක සේනාව සතුව මුලතිව් සිවිල් වැසියන්ගේ ඉඩම් අක්කර 250 කට වැඩි ප්‍රමාණයක් තවමත් තිඛෙන බවයි මුලතිව් කේප්පාපිලව් ජනතාව පවසන්නේ.

කෙසේවෙතත් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හරහා වැටී ඇති මාර්ගය විවෘත කිරීම යම් තර්ජනයක් විය හැකි බවයි ඇතැම් පාර්ශව පවසන්නේ.