Sunday, October 20, 2024

General line - 0115112241

නව පාසල් වාරය අදින් ඇරඹෙයි - පාසල් 58ක් තවදුරටත් නිවාඩු

සජිත් තිලකරත්න




2018 වසරේ පළමු පාසල් වාරය අද (02) ආරම්භ වනවා.

ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා යොදා ගැනෙන පාසල් හැර සෙසු සියලූ පාසල් අද විවෘත කෙරෙනු ඇති. 

අද ආරම්භ වන 2018 පළමු පාසල් වාරය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සියලු පාසල් දරු දැරියන්ට පණිවිඩයක් ද ලබා දුන්නා.

එහිදී සඳහන් කෙරුණේ අද සිට ඇරඹෙන නව පාසල් වාරයේ සිට පාසල් අධ්‍යාපනයෙන් උපරීම ප්‍රයෝජන ලබා ගැනීමට සියලු දරු දැරියන් අරමුණු කර ගත යුතු බවයි. විශය සමගාමී කටයුතුවලටත් සම්බන්ධවෙමින් අනාගතය ජය ගැනීමට සියලු දරුවන් කැප වී කටයුතු කළ යුතු බවද සඳහන් කෙරුණා.

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා තවදුරටත් නිවාඩු ලබා දී ඇති පාසල් ගණන 58ක්. ඒවා 2018 පළමු වාරය සඳහා විවෘත කෙරෙන්නේ ලබන 15 වැනිදායි.

මෙම පාසල් නාම ලේඛණය පහතින් දැක්වෙයි.