Sunday, October 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයෙන් පණිවිඩයක්




රුසියාවට තේ අපනයනය කිරීමට තිබූ බාධා මේ වනවිට ඉවත්වී ඇතැයි තේ පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අනුව, පෙර පරිදීම රුසියාවට තේ අපනයනය කිරීමට ශ‍්‍රී ලාංකික වැවිලිකරුවන්ට දැන් හැකිවන බවයි එහි කෘමි රෝග විශේෂඥ ආචාර්ය කීර්ති මොහොට්ටි කියා සිටියේ.

ශ‍්‍රී ලංකාවේ තේවලට රුසියාව විසින් පනවන ලද තහනම ඉවත් කරවා ගැනීම සඳහා එරටට ගිය ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ද ඔහු සාමාජිකයෙකු වුණා. 

ශ‍්‍රී ලංකාවේ තේවලට රුසියාව විසින් තහනමක් පැනවුයේ ඉකුත් දෙසැම්බර් 18 වැනිදා සිටයි. එහෙත් ඉකුත් 30 වැනිදා සිට එම තහනම ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා නියෝජිතයින් සමග කළ සාකච්ඡාවලින් පසු රුසියාව එකඟ වුණා. 

රුසියාව ශ‍්‍රී ලංකාවේ තේවල ප‍්‍රධානම ගැණුම්කරුවෙක්. ශ‍්‍රී ලංකාවේ මුළු තේ අපනයනයෙන් සියයට 23ක්ම රුසියාව විසින් මිලදී ගන්නවා. 

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න..)