Sunday, October 20, 2024

General line - 0115112241

පොහොට්ටුවේ සියලුම අපේක්ෂකයන් කොළඹට ගෙන්වයි

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරගවදින සියලු අපේක්ෂකයන් අද (02) කොළඹට කැඳවා තිබෙනවා.

ඔවුන්ගේ සහභාගීත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී සමුළුවක් පැවැත්වෙන බවයි එහි ලේකම් සාගර කාරියවසම් පැවසුවේ.

නීත්‍යනුකූල සහ සාමකාමීව මැතිවරණ කටයුතු සිදු කරන බවට අපේක්ෂකයන්ගෙන් ප‍්‍රතිඥාවක් ලබා ගැනීම එහිදි සිදු කෙරෙනු ඇති.

සිය මැතිවරණ තේමාව පිළිබඳ අපේක්ෂකයන් දැනුවත් කිරීම ද මෙම සමුළුවේ අපේක්ෂාවක් බවයි සාගර කාරියවසම් වැඩිදුරටත් කියා සිටියේ. 

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙම සමුළුව පස්වරු 4.00ට ආරම්භ කිරීමට නියමතව තිබෙනවා.