Sunday, October 20, 2024

General line - 0115112241

තැපැල් සේවකයන් අඛණ්ඩ වර්ජනයකට සූදානම් වෙයි

සජිත් තිලකරත්න




ඉදිරි දින කිහිපය ඇතුළත අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.

සිය වැටුප් ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී කළ ඉල්ලිම්වලට තවමත් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබිම නිසා මෙම වැඩවර්ජනය ආරම්භ කරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පෙන්වා දෙන්නේ වෙනත් විසඳුමක් නොමැති හෙයින් මෙම පියවර ගැනීමට කටයුතු කළ බවයි.

තැපැල් සේවකයන් ඉකුත් වසරේ ජුනි මාසයේද අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වුණා. දින 3ක් පැවති මෙම වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ සෙසු තැපැල් කාර්යාලවල ගොඩගැසුණු ලිපි සංඛ්‍යාව ලක්ෂ 4කට වැඩියි.