Sunday, October 20, 2024

General line - 0115112241

සයිටම් විරෝධී අරගලය නැවත නැගිටින ලකුණු

කසුන් කැලුම්




සයිටම් ගැටලුව සම්බන්ධයෙන් පොරොන්දු වු විසඳුම් ආණ්ඩුව තවමත් ක‍්‍රියාත්මක නොකිරිම නිසා සයිටම් විරෝධි සිය අරගලය නැවත ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, වෛද්‍ය වැඩවර්ජනයක් පවා ඉදිරියේදී සිදු විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

මාළඹේ සයිටම් ආයතනය ඉකුත් දෙසැම්බර් 31 වැනිදා සිට අවසන් වන බව, මෙම ගැටලූව පිළිබඳ සොයා බැලිමට පත් කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මීට පෙර පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

එහෙත් ඒ සඳහා වූ නිල කටයුතු තවමත් සිදුවී නොමැති බවයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය කියා සිටියේ.