Sunday, October 20, 2024

General line - 0115112241

දකුණු ආසියාවේ පළමු තැන ලංකාවට ලැබිලා

ඩිල්ෂාන් මඩවල




2017 ලෝක ආහාර සුරක්ෂිතතා දර්ශකයේ දකුණු ආසියාවේ පළමු ස්ථානය හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ලෝකයේ සියලූ රටවල් සැළකිමේ දී ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ 66වන ස්ථානයයි. ඉන්දියාව දකුණු ආසියාවේ 2වන ස්ථානයේත් ලෝකයේ 74වන ස්ථානයේත් පසුවනවා.

මෙම දර්ශකයට අනුව, දකුණු ආසියාවේ 3වන ස්ථානයේ සිටින්නේ පකිස්ථානයයි. ලෝකයේ සියලූ රටවල් සැලකිමේදී  ඔවුන් 77වන ස්ථානයේ පසුවනවා. 

ආහාර සුරක්ෂිතතාව අනුව, ලොව පළමු තැන හිමිව තිබෙන්නේ අයර්ලන්තයටයි. අමෙරිකාව 2වන ස්ථානයේත් බි‍්‍රතාන්‍ය 3වන ස්ථානයේත් පසුවනවා. 

මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ නිර්ණයක කිහිපයක් පාදක කරගනිමින්. ආහාර මිලෙහි ලාභදායිත්වය, ආහාර හිඟයකින් තොරව පහසුවෙන් ලබාගත හැකි වීම, ආහාරවල ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව, ස්වභාවික සම්පත් සහ කාලගුණ විපර්යාස ඇතුළු වෙනත් වෙනස්කම්වලට ඒ ඒ රට දක්වන හැඩගැසීම අදාළ නිර්ණායක වනවා. 

මෙම නිර්ණයාක සැළකිල්ලට ගෙන එක් එක් රටට කිසියම් ලකුණු ගණනක් පිරිනැමෙන අතර, ඒ අනුව, ශ‍්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු ගණන 53ක්. දර්ශකයේ පලමු ස්ථානය හිමි අයර්ලන්තයට ලකුණු 85.6ක් ලැබී තිබෙනවා.