Sunday, October 20, 2024

General line - 0115112241

රෝහලක ඖෂධ ගබඩාවක් ගිනි ගනී (PHOTOS)

ගුණරත්න ගමගේ/රාහුල් සමන්ත




වළස්මුල්ල මූලික රෝහලේ ඖෂධ ගබඩාව ගින්නකින් විනාශ වි තිබෙනවා.

ඊයේ (01) රාත‍්‍රියේ ඇතිවූ මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

විදුලි කාන්දුවක් නිසා ගින්න ඇතිවී තිබෙන බවට සැක කෙරෙනවා.

ඒ අනුව, ලංකා විදුලි බල මණ්ඩලය විසින් ද මේ පිිළිබඳ පරීක්ෂණ සිදු කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙම ගින්න හේතුවෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.

(ඡායාරූප - රාහුල් සමන්ත)