Sunday, October 20, 2024

General line - 0115112241

නව වසරට ලක්වැසියන්ට සෙත් පතා ජර්මනියේ පිංකමක් (PHOTOS)

ලලිත් ගංහේවා / වින්ෆ්රිඩ් ලීබ්රිෂ්  - බර්ලින් නුවර සිට 




ලැබුවා වූ 2018 නව වසරට ලක්වැසි සැමට ආශිර්වාද කිරීමේ පූජාවක් ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති සහ ජර්මනියේ සමථ බල සම්පන්න රඹුක්වැල්ලේ දේවානන්දා ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඊයේ (01) දින බර්ලින් නුවර පිහිටි ජර්මන් ජාතිකයන්ගේ බර්ලින් බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වුනා.

පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටවීමෙන් මෙම වැඩසටහන ආරම්භ වුණා.

සිංහල සහ ජර්මන් භාෂාවෙන් මෙම ධර්ම සාකච්ඡාව පැවැත්වීමද විශේෂත්වයක්.

මෙම අවස්ථාවට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් එක්ව සිටියා.