Sunday, October 20, 2024

General line - 0115112241

මුදල් ඇමතිටත් අගෞරව කරමින්  'අයවැයේ වාහන  යෝජනාවලට' වෙච්ච දේ මෙන්න...

සුගත් ධර්මප්‍රිය




ආනයනය කරනු ලබන මෝටර් රථ වාහන සම්බන්ධයෙන්   ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ   නියාමන කිහිපයක්  ක්‍රියාත්මක කිරීම මේවනවිට අතපසුව ඇති බව nethnews.lk වෙත වාර්තා වනවා.


2018 අයවැය යෝජනාවලට අනුව මෙම නියාමනයන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.

ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ  සභාපති සම්පත් මෙරින්චිගේ සඳහන් කර සිටියේ ආරක්ෂණ තත්ත්වය සහ වායු විමෝචන ප්‍රමිතීන් දියුණු කිරීම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීම පසුගිය අයවැය මගින් මෙන්ම මෙවර ද අතපසු කරන බවයි.

ඒජන්තවරුන්ගේ බලපෑම් මත සිදුවන මෙවැනි කරුණු මගින් මුදල් අමාත්‍යවරයාටත් අගෞරවයක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සම්පත් මෙරින්චිගේ දැක්වූ සම්පුර්ණ අදහස පහතින් ඇසිය හැකියි.