Sunday, October 20, 2024

General line - 0115112241

අමෙරිකාවේ GSP සහනය ලංකාවට අහිමි වීම ගැන තානාපති කරුණු හෙළි කරයි

ඩිල්ෂාන් මඩවල




ශ‍්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 27.5ක් හෙවත් 4න් 1කටත් වඩා වැඩි ප‍්‍රමාණයක් අමෙරිකාව විසින් මිලදී ගන්නා බව ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂප් පවසනවා.

ඔහු ඒ බව පැවුසවේ ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අමෙරිකාව විසින් ලබා දී තිබූ ජී. එස්. පී. සහනය ඉකුත් 31 වැනිදායින් පසු යළි දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින්.

තහවුරු කළ දත්තවලට අනුව, 2016 වසරේදී අමෙරිකාවට කළ අපනයනවලින් ශ‍්‍රී ලංකාව උපයාගෙන ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්නයි.

ඒ අනුව, අමෙරිකාවේ ජී. එස්. පී. සහනය අහිමි වීම ශ‍්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළ කෙරෙහි කැපී පෙනෙන බලපැමක් ඇති කරනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අපනයන වෙළඳපොල මත රැකියා, විදේශ ඉපයීම් සහ රටක අර්ථිකයේ කාර්යක්ෂමතාව ද රඳා පවතින බවයි අතුල් කේෂප් වැඩිදුරටත් කියා සිටියේ.