Sunday, October 20, 2024

General line - 0115112241

බුදුසරණයි කියලා ගහලා තමයි හරක් අදින්නේ




විවිධ දේශපාලන පක්ෂ ලබා දෙන දිවුරුම්වලට වඩා වැදගත් වන්නේ එවැනි දිවුරුම් ප‍්‍රකාශවල අන්තර්ගතයන් ක‍්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීම බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

 අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පක්ෂ කිහිපයක අපේක්ෂකයන් සිදු කල දිවුරුම් දීම් පිළිබද අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ..'' ඔය දිවුරුම් දීලා තමයි පහුගිය කාලේ පළාත් පාලන ආයතන වල දුෂණ වුනේ, හොරකම් වුනේ පරිසර වාර්තා මුකුත් නැතිව වැලි ඇද්දේ අකටයුතුකම් වුනේ..ඉස්සරහ බුදුසරණයි කියලා ගහලා තමයි තමයි හරක් ලෝඩ් එක අදින්නේ. ඒ නිසා දිවුරුම නෙමෙයි වැදගත් වෙන්නේ...'' යැයිද පැවසීය.

එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරනයෙන් ජය ගන්නා සිය පක්ෂයේ අපේක්ෂයන් කිසියම් වැරද්දක් සිදු කළහොත් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය.