Sunday, October 20, 2024

General line - 0115112241

බැඳුම්කර වාර්තාව ඉල්ලා ජවිපෙ ජනාධිපති ලේකම් කාර්යාලයට (PHOTOS)




බැඳුම්කර  සිද්ධිය පිළිබද සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නියොජතියන් පිරිසක් අද ජනාධිපතිවරයා වෙත ලිපියක් භාර දුන්නා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රි නිතිඥ සුනිල් වටගල එම අවස්ථාවට එක් වුණා.

ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති අතරේක ලේකම්වරයෙකු වෙත එය භාර දුන් බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස පැවසුවේ. බරපතල වංචා, දූෂණ පිලිබඳ ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ වාර්තාවක් ද ලබා දෙන ලෙස මෙහිදී ඉල්ලා තිබෙනවා.