Monday, April 29, 2024

General line - 0115112241

කෝටි දෙකකට ආසන්න මත්කුඩු සැකකරුවන් අත්අඩංගුවට

හේමන්ත කහවලගේ/උපේන්ද්‍ර සේරසිංහ




රුපියල් කෝටි දෙකකට ආසන්න මත්කුඩු සමග සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

, ප්‍රදේශ කිහිපයක කළ වැටලීම් කිහිපයකදීයි. හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 503 ක් සමග කුලියාපිටිය, වස්සාවුල්ල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බවද පොලීසිය පැවසුවා.

මෙම සැකකරුවන් සතුව තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් සියයක්ද මෙහිදී සොයාගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 880 ක් සමග වත්තල ප්‍රදේශයේදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. 

සැකකාර කාන්තාව සතුව තිබී රත්රන් ග්‍රෑම් 552 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අනාවරණ වුණේ.

මාකොල ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 17 යි මිලිග්‍රෑම් 200 ක් සමගයි.