Monday, April 29, 2024

General line - 0115112241

ඇමති ඩිලාන්ගේ ආසනයේ දී යට කළිසමක් නොමැතිව උඩු කළිසම ඇඳ ගැනිමක් ගැන හරේන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියපු දේ මෙන්න (AUDIO)




තමුන් විසින් බලයට ගෙන ආ ආණ්ඩුව වෙනත් පාර්ශ්ව අයිති කරගෙන සිටිම සමබන්ධයෙන් කළකිරිමක් ඇති බව ඇමති හරේන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු කියා සිටියේ ආණ්ඩුව තුළ සිට ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයන් ඉන් ඉවත් වියයුතු බවයි.

පසුගිය ජනාධිපතිවරණයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළ අමාත්‍ය ඩිලාන් පෙරේරා වත්මන් ජනාධිපතිවරයාට මුක්කුවක් ගසමින් දේශපාලනයේ රැඳී සිටන බවයි අමාත්‍යවයා කිය සිටියේ.

අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ ආසනය වන හැලිඇල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරේන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ මෙය යට කළිසම නොමැතිව උඩු කළිසම පමණක් ඇඳ ගැනීමේ ක්‍රියාවලියක් බවයි.