Monday, April 29, 2024

General line - 0115112241

පන්සලක බඩු බෙදන අපේක්ෂකයින් දෙදෙනෙක් ගැන කොමිසමට පැමිණිල්ලක්




බේරුවල ප‍්‍රාදේශීය සභාව සදහා තරග කරන අපේක්‍ෂකයන් දෙදෙනෙකුගේ මැදිහත්වීමෙන් අද (06) දිනයේ සිදුකිරීමට නියමිත භාණ්ඩ බෙදාදීමක් සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය කළුතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

මොරගල්ල ප‍්‍රදේශයේ විහාරස්ථානයකදී එම භාණ්ඩ බෙදාදීම සිදුකිරීමට සැලසුම් කර ඇති බවටයි පැෆරල් සංවිධානය පැමිණිලි කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා සුදුසු පියවර ගන්නා ලෙසද එම සංවිධානය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.